දෙවන එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 4 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම 44 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Previous articleනුවරඑළියට මල් තුහින
Next articleඅද විදුලි කප්පාදුව සිදුවන හැටි