වන අලි තර්ජනයට ලක්වූ මිහින්තලය පොතානේගම ගම්මාන

Share

මේ අතර මිහින්තලය පොතානේගම ගම්මාන රැසක්ම වන අලි තර්ජනයට මුහුණ පා සිටිනවා.

කනදරාව වැව් රක්ෂිතයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන වන අලි මෙලෙස තම වගාවන් විනාශ කරන බවයි ගම්වාසීන් පවසන්නේ.

ඊයේ රාත්‍රීයේ මෙසේ ගම් වැදුණු වන අලි රංචුවක් මිහින්තලේ ඉහලගම ගම්මානයේ ආබාධිත දරුවෙකු සමග දිවි ගෙවන මවකගේ වගා භූමියක් ද විනාශ කර තිබෙනවා.

නිරන්තරයෙන්ම ගම් වදින වන අලි හේතුවෙන් තම ගම්මානවලට පිවිසිය හැකි එකම මාර්ගයද භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.

Read more

Local News