මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබෙනවා.
පසුගිය අටවනදා මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුණා.
ඒ ගංජා සන්තකයේ තබා ගැනීම ආදී අපරාධ වැරදි සම්බන්ධයෙන්.
මෙම සිද්ධියට අදාළව ඇතිමලේ පොලිස් ස්ථානාධිපති සුදත් ධර්මදාසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.