මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වේ.
එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ නිවේදනයේ සඳහන් වනවා.
