පළාත් පාලන මැතිවරණයට රජය සූදානම් – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර කියයි

Share

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රජය සූදානම් බවත් ජනාධිපතිවරයා ඇතුළු රජය ඒ සඳහා සහාය ලබා දීමට සූදානම් බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර අද(17)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

නමුත් ආර්ථික අර්බුදයක් තිබෙන වේලාවක,කඩදාසි ආනයන කිරීමේ ගැටලු තිබෙන වෙලාවක බිලියන10 කට වැඩි මුදලක් වෙන් කරමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවද ඔහු පැවසීය.

ආනයන අපනයන සීමා සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News