වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට නීතිමය පියවර

Share

නීති පති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නව බිත්තරවල සිල්ලර මිල සඳහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ බව වෙළඳ අමාත්‍යංශ ලේකම් අයි.එම්.බී.ඒ.අතපත්තු ඊයේ (20) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට අදාළව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රපියල් 46 ක් වන බවත් අමාත්‍යංශ ලේකම්වරයා මෙහි දී සඳහන් කළේය.

එමෙන්ම, පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල විසින් ප්‍රකාශ කළේ, යම්කිසි පුද්ගලයෙකු මෙම නිර්ණය කර තිබෙන උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයින් වෙත අලෙවි කරන්නේ නම් ඊට එරෙහිව පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිළධාරීන් නිසියාකාරව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

Read more

Local News