යතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩෙවෝන් ඇළට පෙරලී තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි දිඹුල පතන පොලිසිය පැවසුවේ.
ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොර රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ලොරි රථයේ පසු පස ගමන් ගත් දෙදෙනාට කිසිඳු අනතුරක් සිදු වි නොමැති බවයි වාර්තා වන්නේ.