මිලියන 20 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව (ජනවාරි 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් (‍තෙත බර සහිත) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් යාපනය, කයිට්ස් ‍පොලිසිය හා එක්ව යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ (2023 ජනවාරි 24) උදෑසන සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පාවී එන ලද ගෝනි උර දෙකක් (02) තුල පාර්සල් 25 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 652 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලදැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම, රුපියල් මිලියන 20 කට අධික බවයි වාර්තා වන්නේ.

Previous articleගම්පොළදී ATM යන්ත්‍රයක් සොරාගනී
Next articleවසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවයක්