යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රහාර

Share

රුසියාව ඊයෙත් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති අතර 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉසියුම් ප්‍රදේශය රුසියානු පාලනය යටතේ පවතින කාලය තුළ යුක්‍රේනය තහනම් පුද්ගල නාශක බෝම්බ භාවිතා කළ බවට, හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එසේම එම කාලය තුළ රුසියාව ද සිවිල් වැසියන් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ඇති බවයි එම සංවිධානය අවධාරණය කර ඇත්තේ.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේනයට ලබා දෙන බටහිර යුධ ආධාර සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ යුක්‍රේනයට යුධ ආධාර ලබා දීම වරදක් නොවන බවයි.

කාලය ඉතිරි කිරිම, මුදල් ඉතිරි කිරීම, ජීවිත බේරාගැනීම උදෙසා හැකි සෑම විටම යුක්‍රේනයට අවශ්‍ය දේ ලබාදෙන ලෙස ඔහු බටහිර නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, යුක්‍රේනය ඉල්ලා සිටි ප්‍රහාරක ජෙට් යානා ලබාදීම බටහිර රටවල් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

Read more

Local News