ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ සංගම් කියයි

ඊයේ මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් අනූදෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් හාරසීයක් ලෙසයි.

මෙලෙස පෙට්‍රල් මිල ඉහළ දැමීමත් සමග ත්‍රීරෝද රථ රියදුරන් ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදීත් ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන්නේ නැති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ.