මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ අධිවේගී බස්රථ සඳහා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් වශයෙන් අද (02) සිට අධිවේගී බස්රථවල ගමන් කරන මඟීන් උදෙසා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම ප්‍රකාශ කළේය.
ඒ අනුව, ගාල්ල-මාකුඹුර අතර ගමන් කරන අධිවේගී බස්රථ සඳහා මෙම කාඩ්පත නිකුත් කරනු ලබන අතර එය මේ මස 06 වන දා සිට අනිවාර්ය වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (02) දින වන විට පුද්ගලයින් 700 ක පමණ පිරිසකට මෙම පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කළ බවත්, එම කාඩ්පත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි බවත් හෙතෙම පැවසීය.
මෙම පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීමේ සාර්ථකත්වය සළකා බලා ඉදිරියේ දී අනිකුත් ප්‍රවාහන මාධ්‍ය වෙත ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.