ජපන් තානාපති නැගෙනහිර සංචාරයක

Share

තවදුරටත් රසායනික ද්‍රව්‍ය ගොවිතැන සදහා භාවිතා කළහොත් 2050 වන විට අපේ පස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වන බව නැගෙනහිර පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් පවසනවා.

එසේ වුවහොත් යළි එම පස යථා තත්වයට පත් කර ගැනීමට නොහැකි වන බව ඇය සදහන් කළා. ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන “පීස් වින්” සංවිධානය මගින් ත්‍රිකුණාමලය සංස්කෘතික ශාලාවේ පැවැති දේශීය වෙළදපොල සදහා කාබනික ද්‍රව්‍ය හදුන්වාදීමේ ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව පැවසුවා.

ශ්‍රි ලංකාවේ ජපාන තාතාපති මිසුකොෂි හිදෙකි ද මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදි හොදම කාබනික වගාවන් සිදු කල ගොවීන් ඇගයීම සදහා සම්මාණ සහ සහතික පත් ප්‍රදානයක්ද සිදු විය.

Read more

Local News