චීන අග්‍රාමාත්‍ය Li Qiang ඊයේ (12) නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon සමග දුරකථන සංවාදයක නිරත විය.චීන-නවසීලන්ත සබඳතා අඛණ්ඩව ස්ථාවර ලෙස ඉදිරියට යන අතර, විවිධ ක්ෂේත්රවල සහයෝගීතාවන්හි නව ප්‍රගතියක් අඛණ්ඩව අත්කර ගනිමින් පවතින බව Li Qiang එහිදී ප්‍රකාශ කළේය. දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමටත්, එමෙන්ම දෙරටේම මෙන්ම කලාපයේ සහ සමස්ත ලෝකයේම ස්ථාවර සංවර්ධනයට හා සමෘද්ධියට නව ජවයක් එක් කිරීමටත් නවසීලන්තය සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය. APEC සංවිධානය තුළ නවසීලන්තය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang පෙන්වා දුන්නේය.
චීනය සමග පවතින සබඳතාවලට නවසීලන්තය ඉහළ වැදගත්කමක් ලබා දෙන බවත්, එකම චීනය ප්‍රතිපත්තියට දැඩි ලෙස අනුගත වන බවත් Luxon ප්‍රකාශ කළේය. එමෙන්ම, වෙළඳාම, සංචාරය සහ නව බලශක්තිය වැනි ක්ෂේත්රවල චීනය සමග ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරට අතර පවතින පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමටත් නවසීලන්තය කැමැත්තෙන් පසුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
Share
Read more



