විදුලි බිලට එරෙහිව මහජන විරෝධතා

Share

රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව මේ වන විට රට පුරාම විරෝධතා ක්‍රියාත්මකයි.

විවිධ වෘත්තීය සමිති මේ වන විට ඊට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග පවා ආරම්භ කර තිබෙනවා.

එසේ ම වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණවේදීන් ඇතුළු වෘත්තීය රැසක්ම මෙම බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රට හැර යමින් තිබෙනවා.

පවතින තත්වය හමුවේ වරාය, විදුලිය, ජලය ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඊයේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී.

එහිදී පවතින බදු ප්‍රතිපත්තියට එරෙහිව එළඹෙන මාර්තු පලවනදා මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ.

Read more

Local News