ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් 116 වන ගුණ සමරුව අද

Share

මෙරට ජාතික‚ ආගමික හා අධ්‍යාපනික පුනරුදයේ ප්‍රබල නායකයෙකු වූ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් දිවංගත වී පෙබරවාරි 17 වන දිනට වසර 116ක් සම්පූර්ණ වේ.

1832 වසරේ අමරිකාවේ උපත ලබා නීතිවේදියෙකු‚හමුදා සෙන්පතියෙකු හා කෘෂි විද්‍යාඥයෙකු වශයෙන් සේවය කළ ඕල්කට්තුමා 1875 වසරේදි අමරිකාවේ පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ආගමික මෙහෙවරේ යෙදිනි.

මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන් සිදු කළ පානදුරාවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් 1880 මැයි 17 වන දින ලංකාවට පැමිණි ඕල්කට්තුමා කොළඹදී පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කර මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට සුවිශේෂි මෙහෙවරක් සිදු කළහ.

ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම‚ කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටුවීම‚ වෙසක් පෝය දින නිවාඩුව ලබාදිම‚ බෞද්ධ ධජය නිර්මාණය කිරීම ආදී සුවිශේෂි මෙහෙවරයන් සිදු වුයේ ඕල්කට්තුමාගේ මැදිහත්විමෙනි.

වර්ෂ 1907 පෙබරවාරි 17 වන දින ඉන්දියාවේදී ඕල්කට්තුමා අභවප්‍රාප්ත විය. එතුමා දිවංගත වී අද (17) වසර 116ක් සපිරෙනු ඇත.

Read more

Local News