විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවයි

Share

2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ශික්ෂණලාභීන්,අයදුම් කිරීමට අදාල අ.පො.ස. උසස් පෙළ වර්ෂය, විෂය නිර්දේශය නව/පැරණි ද යන්න, උසස් පෙළ විභාග අංකය හා ප්‍රතිඵල (Z අගය ද සමඟ) , අභියාචනා කිරීමට හේතුව, අයදුම්කරුගේ නම, ලිපිනය හා දුරකථන අංකය, අයදුම්පතෙහි දෘඩ පිටපත (PDF) යන තොරතුරු ඇතුළත් කර, අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාපීඨ ශාඛාව), අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට 2023 පෙබරවාරි 28 ට පෙර යොමු කළ යුතුය.

Read more

Local News