ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරල වොලිබොල් තරගාවළියේ සත්කාරකත්වය ප‍්‍රථම වරට ශ‍්‍රි ලංකාවට හිමිවු අතර මෙහි පුර්ණ සංවිධානය ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ පුර්ණ අධික්ෂණය යටතේ, යුද හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාධිපති වයිෂ් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරාගේ සහයෝගය ඇතිව ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරන ලදි.
2023 පෙබරවාරි මස 12 වන දින ආරමිභක උත්සවය කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේදි පවත්වනු ලැබු අතර ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිවිවන වරටත් සංවිධානය කරනු ලැබු වෙරළ වොලිබෝල් තරගාවළිය ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම වරට පවත්වනු ලැබු අතර මෙහි තරග 2023 පෙබරවාරි මස 13 වන දින සිට 17 වන දින දක්වා මීගමුව වෙරළතිරයේ පවත්වන ලදි.
මෙම තරගාවළියේ මුලිකවටයේ තරග සදහා ප‍්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඔිමානය, සවුදි අරාබියාව, කොලොමිබියාව හා ශ‍්‍රි ලංකාව යන රටවල් නියෝජනයකරමින් පිරිමි ක‍්‍රිඩා කණ්ඩාම් 15ක්ද, කාන්තා ක‍්‍රීඩා කණ්ඩයම් 06ක් වශයෙන් තරග වැදිම සිදුකරන ලදි
මෙම තරගාවළිය සදහා ලෝකයේ ශ්‍රේණිගත කිරිම්හි ප‍්‍රමුඛස්ථානයේ සිටින ක‍්‍රිඩික ක‍්‍රිඩිකාවන් රැසක් සහභාගි වු අතර පිරිමි අංශයේ අවසන් තරගය සදහා ජර්මනිය හා ප‍්‍රංශය තරග වැදුණු අතර කාන්තා අංශයේ අවසන් තරගය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායම හා ප‍්‍රංශ කණ්ඩායම තරග වැදුණි. එහිදි වට 2ට 1 ක් ලෙස පිරිමි ශූරතාවය ජර්මනි කණ්ඩාය පරදා ප‍්‍රංශ කණ්ඩායම විසින් දිනාගත් අතර කන්තා අංශයේ ශූරතාවය වට 2ට 0 ක් ලෙස ශ‍්‍රි ලංකාව පරදා ප‍්‍රංශ කණ්ඩායම දිනාගන්නා ලදි.
මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළ අතර, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබොල් තරගාවළියේ සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් නිෂාන්ත තිලකසිංහ මහතා ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
ක‍්‍රිඩාව තුලින් මිත‍්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින බෙල්ජියම ඩෙන්මාර්කය ප‍්‍රංශය ලක්සමිබර්ග් යන යුරෝපීය රටවල් මුලිකත්වයෙන් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.







