මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.
එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්රමසිංහගේ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
මෙම පෙරහර සංවිධානය කර තිබුණේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීවය.
ඊයේ පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.
අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්රවත් විය.