පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට අධිකරණය මැදිහත් විය යුතු බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අධිකරණය සාධාරණ විනිශ්චයක් ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
මේ අතර මැතිවරණය නිසි අයුරින් පවත්වන ලෙසට ඉල්ලා මහනුවර සිවිල් සංවිධාන එකතුව විරෝධතාවයක්ද පවත්වනු ලැබුවා.