පිටරටින් ගේන ඖෂධවලින් අනතුරක් වුණොත් වගකීම භාර ගන්නවා – කෙහෙළිය කියයි

Share

ලියාපදිංචි නැති සමාගම්වලින් ඖෂධ ගෙන්වා ඇති බවට ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එසේ ගෙන්වූ ඖෂධ භාවිතයෙන් රෝගීන්ට යම් ගැටළුවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහනුවර ඇති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News