විනිසුරුවන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අයකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන විසිහතර වන සිකුරාදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
ශ්රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්රී ලංකා මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.