කළු සතියත් ඇරඹෙයි

Share

ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩනයට පත්ව ඇති මොහොතක රජය පනවා ඇති බදු ප්‍රතිපත්තිය අත්තනෝමතික බව වෘත්තීය සමිති පවසනවා.

වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේ වසරේ ජනවාරි මාසයේ ක්‍රියාත්මක වීමත් සමඟයි වෘත්තිකයින් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා ආරම්භ කළේ.

උග්‍ර ජීවන වියදම හමුවේ රජය පනවා ඇති මෙම බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති අද දිනයේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙනවා.

පසුගිය ජනවාරි විසිතුන් වනදා සිට සතියක කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මින් පෙරද කළු සතියක් ප්‍රකාශයට පත්කර තිබූ අතර ඒ සඳහා ද බොහෝ පාර්ශව සහය පළ කළා.

ඛනිජ තෙල් වරාය, ජල, විදුලි, සෞඛ් ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද පැවැත්වෙන විරෝධයට සහය පළකරන අතර ඒකාබද්ධ උද්ඝෝෂණයක්ද අද පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී. අද සිට කළු සතියක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ.

Read more

Local News