දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිදු විය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.