යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්මසංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඩ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මහනුවර ගන්නොරුව කෘෂිකර්ම සන්නිවේදන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.