පසුගියදා බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම නිසා මෙරට ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා.
බිත්තර ආනයනයට, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.
මේ අනුව මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය රැගත් නෞකාව මේ සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතයි.
ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව එම බිත්තර තොගය ආනයනය කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශයේ බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් පනහක වෙළඳ භාණ්ඩ බද්ද පෙබරවාරි විසි එක් වනදා සිට රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ අදාළ බදු සංශෝධන මාස තුනක කාලයක් සඳහා වලංගු බවයි.