පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු ඉදිරිපත් කළ පෙත්සම අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
මේ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇති බවයි පැෆ්රල් සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.