රෝහල් කනිෂ්ඨ සේවකයින් සංකේත වැඩවර්ජනයක

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඒ අනුව රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති දහ අටක් අද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා සේවයෙන් බැහැරව සංකේත වර්ජනයක හා විරෝධතාවක නිරතවිමටයි කටයුතු කළේ.

ඖෂධ හා උපකරණ හිඟය කඩිනමින් පියවා ගැනීම, අසාධාරණ ලෙස ඉහළ දැමූ බැංකු පොලී හා අනුපාත පහක් දමා ගැනීම, අසාධාරණ බදු ප්‍රතිපත්ති ඉවත් කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි මෙම වර්ජන ක්‍රියාමාර්ගය පැවැත්වුණේ.

Read more

Local News