දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පුනාගල වතුයායේ නායයාමක් සිදුව තිබෙනවා.
එම නාය යෑමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස හැටක පවුල් හැට දෙකක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.
නාය යෑමට ලක්වූවන් බේරාගැනීම සඳහා කටයුතු කළේ, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්වයි.
මේ අතර, මෙම නාය යෑමෙන් විපතට පත්වූවන්ට, කඩිනමින් සහන සලසන බවයි, අමාත්‍ය ජීවන් තොන්ඩමන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.