ඉහළ ගිය විදුලි බිලට සහ ජීවන වියදමට එරෙහිව විරෝධතා

Share

ඉහළ ගිය විදුලි බිල සහ ජීවන වියදම මුල් කර ගනිමින් ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ සහභාගීත්වයෙන් ඊයේ විරෝධතාවයක් පැවැත්වුණා.

ඒ පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී.

වැඩි කළ විදුලි බිලට විරෝධය පළකරමින් නාවලපිටිය පල්ලියගම දී ද සමගි ජන බලවේගය පන්දම් විරෝධතාවයක් සංවිධාන කර තිබුණා.

කළුතර මහ සභාව සංවිධානය කල විරෝධතාවයක් කළුතරදී පැවැත්වුණා. විදුලි බිල අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

ජාතික ජන බලවේගය සංවිධානය කල විරෝධතාවයක් රඹුක්කනදී පැවැත්වුණා.

Read more

Local News