යුද්ධය නිමා කළා හා සතුටක් IMF ලැබුණම දැනුනා – බන්දුල කියයි

Share

වසර 30 ක යුද්ධය නිම කල දින තමාට දැනුණු සතුට හා සමාන සතුටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලැබුණු පණිවිඩයේදී දැනුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දුෂණය වැලැක්වීමට අදාළ නෛතික ප්‍රතිපාදන ඇතුලත් දූෂණ වැලැක්වීමේ පනතක් ඉදිරියේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.

Read more

Local News