විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි දකුණු අප්‍රිකානු ජනාධිපති හමුවෙයි

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අලි සබ්රි ඊයේ දකුණු අප්‍රිකානු ජනාධිපති හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික සාමය හා සංහිඳියා පිළිවෙල සාර්ථක කරගැනීමට දකුණු අප්‍රිකානු රජයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.