ලංකාව ගොඩගන්න ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලන සජිත්

Share

රටවල් දොළහක් නියෝජනය කරන තානාපතිවරුන් සහ නියෝජිතයින් විපක්ෂයේ පක්ෂ නායකයින් හමුවී තිබෙනවා.

මෙම හමුව පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මැතිවරණ ක්‍රියාවලිය සහ වත්මන් දේශපාලන තත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

රට ශක්තිමත් කිරීමට විදේශීය රටවල සහය අවශ්‍ය බවයි මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මූලික අරමුණින් මෙම සාකච්ඡාව සිදු වුණා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබුණා.

ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන සහයෝගය අඛණ්ඩව ලබාදෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

Read more

Local News