ප්‍රංශයේ විරෝධතා තවදුරටත් – නගර ශාලාවට ගින්නෙන් හානි

Share

ප්‍රංශයේ විශ්‍රාම යාමේ වයස් සිමාව ඉහළ දැමීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සංඛ්‍යා ලේඛනවලට අනුව ජනතාව මිලියනයකට අධික පිරිසක් ඊයේ වීථි බැස ඇති බවයි වර්ත් වන්නේ.

පැරිසියේ පමණක් එක් ලක්ෂ දහනව දාහක අගයක් ගෙන තිබෙනවා.

මෙම විරෝධතා හමුවේ නිරිතදිග බෝඩෝ නගරයේ නගර ශාලාවට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් ගින්නට වගකිව යුත්තන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

Read more

Local News