නවසීලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.

ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.