පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීම ඇරඹෙයි

රජය මගින් ගොවි ජනතාවගෙන් මිලදී ගන්නා වී සහල් බවට පත්කර, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ විසිනමයකට නොමිලේ බෙදාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මාසයකට එක් පවුලක් සඳහා සහල් 10 kg බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

මෙම වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීම ඊයේ දින මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විජය රාජපුර ගම්මානයෙන් ආරම්භ කෙරුණා.

මේ අතර දොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නොමිලේ සහල් බෙදාදීම ඊයේ දින එම ප්‍රදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.