Tuesday, March 19, 2024.

මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්

Share

“හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙක් හිනාවෙන කොට හරිම සුන්දරයි කියල මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්.” ඒ ජ්‍යෙෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ හදවතේ වදන්.

කලංසූරිය සිංහල සිනමාවේ චරිතාංග නළුවකු ලෙස චිත්‍රපට කිහිපයකටම දායක වුනා. ඒ අතර බඹරු ඇවිත්, අපේක්ෂා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, යස ඉසුරු, රැජින, පූජා, පොඩි විජේ සුවිශේෂී වෙනවා. රඟපෑම වෙනුවෙන් ඔහු ජනාධිපති, සරසවි, විචාරක, සුමති සම්මාන දිනාගෙන තිබෙනවා. ‘යස ඉසුරු’ හා පූජා චිත්‍රපට සඳහා හොඳම නළුවාට හිමි සරසවි සම්මාන දිනා ගන්නට ඔහු සමත් වුනා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි ටෙලිනාට්‍යය වූ ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යයේ ජයසේන ලෙස රඟපෑවෙත් ඔහුයි. කලංසූරිය ලංකාදීප පුවත්පත සංවිධානය කළ ‘විජය රූපවාහිනි සම්මාන උළෙලේදී’ ජනප්‍රිය නළුවාට හිමි සම්මාන දිනාගත්තා. කලං හා අජන්තා යුවළට දුමින්ද නමින් පුතෙක් ද මධුමතී හා විද්‍යා ලාලිත්‍ය නමින් දියණියන් දෙදෙනෙක්ද ඉන්නවා.

අග හිඟකම් රැසක් මැද ජීවිතයේ දහදුක් විඳි, අතේ තඹ සතයක් නැතිව, හැඳිවත පමණක් ඇඳුම කරගත් කිසිදු මිත්‍රයකු හිතවතකු නැතිව ජීවිතය තනිව ජයගත් සම්මානනීය රංගධරයා ඔහුයි.

ඔහු මහ පොළොවේ දුකින් උපන් හදවතේ රැඳි හිතුවක්කාර, නිහතමානී මෙන්ම ආදරණීය කලාකරුවෙක්. ඔබේ නාමය, රූපය, අදහස් අප හදවත් තුළ සදා අමරණීය යි.ඉතින් සුබ ගමන් ඔබට.

පී.එම්. දිනුක මධුෂාන්

Read more

Local News