ශ්‍රී ලංකාවට ජය

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය.

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි.

ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ අනූව මෙම නවසීලන්ත සංචාරයේදී සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කළේය.

ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය වූයේ සුපර් ඕවරයෙනි.

Read more

Local News