කෑම තෝරන සමහරු කන්නේ නැති, සමහරු ආසාවෙන් කන කෑමක් තමයි වට්ටක්කා.
මේවා ප්‍රතිඔක්සිකාරක හා විටමින්වලින් පොහොසත්. තියෙන්නෙ අඩු කැලරි අගයක්.
සාමාන්‍යයෙන් වට්ටක්කා අඬු කෝප්පයක, දෛනික නිර්දේශිත අගය වගේ දෙගුණයක් විටමින් A ද, 90% ක් විටමින් C ද අන්තර්ගත වෙනවා.
ඒ වගේම සැලකිය යුතු මට්ටමකින් විටමින් E, රයිබොෆ්ලෙවින්, තයමින්, විටමින් B 6, ෆෝලේට, පැන්ටොතෙනික් අම්ලය හා නියැසීන් යන විටමින් ද, පොටෑසියම්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම් හා පොස්ෆරස් යන ඛණිජ ලවණ ද අඩංගු වෙනවා.
කෙඳි බහුල ආහාරයක් තමයි වට්ටක්කා. මේ නිසා, ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමින්. ඉතින් ආහාර මාර්ගයේ වැඩි වේලාවක් රැඳී පැවතීමෙන් කුසගින්න ඇතිවීම අඩු වෙනවා.
වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා, ශරීර බර අඩු කර ගන්නත් වැදගත්.
වට්ටක්කා නිසා රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවා. දියවැඩියා රෝගීන්ට ඇතිවන අපහසුතා අඩු කරගන්නත් වට්ටක්කා හේතුවක්.
වට්ටක්කා බීටා කැරොටින තියෙනවා.
වට්ටක්කා ආහාරයට ගැනීමෙන් නිපදවෙන්නෙ විටමින් A.
විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත්. වට්ටකාවල ඇති ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක ඇසෙහි සුද ඇතිවීම වගේ අක්ෂි රෝග කිහිපයකටම ගුණදායකයි.
අපිට විවිධ රෝග ආසාදන, වෛරස හා බැක්ටීරියාවලින් වැළඳෙනවා. ඉතින් ඒ රෝගවලට එරෙහිව සටන් කිරීමට අදාළ ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදවු කරන්නත් වට්ටක්කාවලට පුළුවන්. වට්ටක්කවල තියෙන විටමින් C, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලට සහනයක්.
වට්ටක්කාවල වැඩියෙන් බීටා කැරොටීන තියෙන නිසා හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණෙන් සමට වන හානිය අවම කරනවා.
ඒ නිසා, සම රැළි වැටීම අවම වෙලා, තරුණ බව රැකදෙනවා. ඒ වගේම සමෙහි දීප්තිමත්භාවය, සුසිනිදුකම සහ තෙතමනය පවත්වාගෙන යන්නත් වට්ටක්කා හේතුවක්.
වට්ටක්කාවලින් ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කරලා උදාසීන කරන නිසා පිළිකාවලට හේතු වෙන සෛල ඇති වීමේ අවදානම අඩු කරනවා.
ඉතින් ඔයත් ඔයාගෙ කෑමවේලට අමතක නොකර වට්ටක්කා එකතු කරගන්න. අපි නීරෝගීකමෙන් පොහොසත් වෙමු.