ජපන් ශ්‍රී ලංකා ක්‍රිකට් මිතුදම සවිමත් කිරීමට නව සන්නාම තානාපතිවරයෙක්

Share

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති මිතුදම ශක්තිමත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබා තිබෙනවා.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවද එයට එක්කර ගනිමින්.

ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් ජපානය බලා ඊයේ (08) පිටත්ව ගියේ දෙරට අතර මිතුදම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් යුතුවයි.

ශ්‍රී ලංකා නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජපානය බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගියා.

මෙම සංචාරය සඳහා දායකත්වය ලබා දීමට විශාල ශක්තියක් වූ අය අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ප්‍රධානයි.

කාරියප්පෙරුම මහතා පසුගිය දිනවල ජපානය බලා ගොස් එහි මූලික පසුබිම සකස් කරනු ලැබුවා.

ජපාන ක්‍රිකට් සංගමය විසින් සන්නාම තානාපති තනතුරද ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාට පිරිනැමීම පසුගියදා ජපානයේදී සිදුකෙරුණා.

ක්‍රිකට් වෙනුවෙන් සිය නොමද සහය ලබාදෙන සියත එදත් අදත් හෙටත් ක්‍රිකට් වෙනුවෙන් පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

Read more

Local News