උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.





