නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සෙන්දිල් තොණ්ඩමාන් ය.
එමෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



