ගතවූ දින 16ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 4400ක් පමණ හමුවී තිබෙනවා.
මෙය ඉතා ඉහළ ප්‍රතිශතයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ වසරට අදාලව ඩෙංගු රෝගීන් 34,400 පමණ වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කළේ.
පවතින තත්ත්වය හමුවේ ඩෙංගු වසංගතයක් විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.
බස්නාහිර පළාතේ සහ ත්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඩෙංගු රෝගය වැලදී මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 22 ක්.



