මේ අතර යළි බිම් මට්ටම් කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කිරීම ද මේ මොහොතේ ඉතා වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර යළිත් දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීමද ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොවිඩ් රෝගීන් නැවත වරක් රටතුළ පැතිරයාම මෙන්ම මරණ සිදුවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවන්නේ.



