දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ 125ක් හමුදා භාරයට

Share

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ද නාවික හමුදාව පවසයි.

Read more

Local News