මෙම මාසයේදී ගතවූ දින 18දී පමණක් ඩෙංගු රෝගීන් 5093 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
වසරේ ගතවූ මාස කිහිපයට පමණක් ඩෙංගු රෝගීන් 34,801ක් දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කළේ.
වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 22ක්.
ඩෙංගු රෝගය වැලදී කුඩා දරුවන් 30ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ.



