මැයි 18 සැමරුම් දිනයට සමගාමීව සියලු ජාතින් එකමුතුව මියගිය ඥාතීන් සිහිකිරීම සඳහා වූ සැමරුම් උළෙලක් උතුරු පළාත් දමිළ ජනතාවගේ සංවිධානත්වයෙන් කිලිනොච්චිය මහජන ක්‍රීඩාංගනයේ දී 2023 මැයි මස 18 වන දින පස්වරු 3.30 සිට පවත්වා ඇත.
මේ සඳහා කිලිනොච්චි, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයන්හි පදිංචි සිංහල, දමිළ හා මුස්ලිම් ආදී ජාතීන්ට අයත් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් වලට අයත් ජනතාව 1150කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.
මෙහිදී පැමිණ සිටි සියලු දෙනා පහන් දල්වා සර්ව ආගමික වතාවත් සිදුකර ජාති ආගම් භේදයකින් තොරව සිය මියගිය ඥාතීන් සිහිකරන් ලදි.








