කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Share

අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද රාත්‍රී 10 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටය.

එසේම කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවනු ඇත.

Read more

Local News