කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.
මේ අනුව පාර්ලිමේන්තුව මැයි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව රැස්වන දින අතුරෙන් මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණය විය.