ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උසස්වීම් සිදුකර ඇත.
ඒ අනුව ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402ක් සහ සෙසු නිලයන් 3348ක් ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත.
ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටද මෙලෙස උසස්වීම් ලබාදී තිබේ.



