කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island” ලෙසත් ප්‍රකාශයට පත්කර ඇති අතර එම ග්‍රාම නිලධාරී වසමේ නම භාෂාත්‍රයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස හැඳින්වීම යෝග්‍ය බවට යෝජනා වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ අනුව ඊට අදාළ අංක 743/5 දරන 1992.12.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අදාළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




